ළමයාගේ පෞරුෂ වර්ධනය ස`දහා
ජන සාහිත්‍යයේ ඇති වැදගත්කම
බිහේෂ් ඉන්දික සම්පත්
ළමයා ගේ පෞරුෂ වර්ධනයට ජන සාහිත්‍යය වැදගත් වන ආකාරය සාකච්ඡා කිරීමේ දී මූලික වශයෙන් පැහැදිළි කර ගත යුතු වන කරුණු තුනක් තිබෙනවා. ඒ ළමයා, පෞරුෂ වර්ධනය හා ජන සාහිත්‍යය කියන වචන තුනයි.
ළමයා යනුවෙන් බොහෝ විට මානව, මනෝ හා සමාජ විද්‍යාඥයන් හඳුන්වා දී තිබෙන්නේ වයස අවුරුදු 5 පමණ සිට 11, 12 පමණ දක්‌වා වූ වයස් ඛාණ්‌ඩය යි. ඉන් පෙර අවධිය බිළි`දු අවධිය ලෙසත් පසු අවධිය යෞවන අවධිය ලෙසත් හ`දුන්වා තිබෙනවා. එහෙත් අප ගේ මෙම අධ්‍යයනයට අනුව බිළි`දු අවධිය පමණක් නොවෙයි, මව් කුසේ සිටින මාස පහක් පමණ වන කලලය පවා මීට ඇතුළත්. මව්පියන් විසින් කියනු ලබන කව් ගී, කතාJදර ආදියට කුසේ සිටින දරුවා ප්‍රතිචාර දක්‌වන ආකාරත් ඒවා ඔහු ගේ පෞරුෂ වර්ධනයට වැදගත් වන ආකාරයත් නූතන වෛද්‍ය විද්‍යාවෙන් හා මනෝ වෛද්‍ය විද්‍යාවෙන් අනාවරණය කර ගෙන තිබෙනවා.
අප දෙ වනුව පැහැදිළි කර ගත යුතු වචනය පෞරුෂය යන්න යි. මේ වචනය සංස්‌කෘත වචනයක්. එය සකස් වී ඇත්තේ පුරුෂ යන ප්‍රකෘතියට " ප්‍රත්‍යය එක් වීමෙන්. " ප්‍රත්‍යයේ බලපෑමෙන් ආරම්භක ස්‌වරය වෘද්ධි වී තිබෙනවා. සිංහල ව්‍යාකරණයන් ගේ විග්‍රහයට අනුව මෙම වචනය සකස් වනුයේ පුරුෂ, ප්‍රකෘතියට ය, ප්‍රත්‍යය එක් වීමෙන්. මනෝ විද්‍යාවෙහි පෞරුෂය යන්න හැ`දින්වෙන්නේ මනුෂ්‍යයා ගේ බාහිර හා අභ්‍යන්තරික සෑම අංගයක ම ගතික සංවිධානයක් හැටියට යි. පුද්ගල අනන්‍යතාව තීරණය කරන්නා වූ ආවේණික ගතිලක්‍ෂණ හා සමස්‌ත මනෝ කායික රටාවන් එක්‌තැන්වූ සංවිධානාත්මක හැසිරීම් රටාව පෞරුෂය නම් වන බව මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා "පෞරුෂය හා පෞරුෂ වර්ධනය" කෘතියේ විග්‍රහ කොට තිබෙනවා.
තෙ වන වචනය ජන සාහිත්‍යය. සහිත්‍ය භාවඃ සාහිත්‍යම් යනුවෙන් සංස්‌කෘත විචාරකයන් සාහිත්‍යය යන පදය අර්ථ දක්‌වා තිබෙනවා. එහි අදහස සහිතවත් වූ බව සාහිත්‍යය නම් වන බව යි. සහිතවත් බව යන්නට "මනා කොට තබන ලද්ද" හෙවත් "මනා කොට කියන ලද්ද" යන අර්ථය පණ්‌ඩිත සෝරත හිමියන් ගේ සාහිත්‍ය සේවනය කෘතියේ ඉදිරිපත් කොට තිබෙනවා. යම් බසෙකින් ලියෑවුණු ලේඛන හා ජනශ්‍රැති තුළින් සාහිත්‍යය සමන්විත වනවා. ඒ අනුව ගැමි දනන් අත නිර්මිත හා ඔවුන් වෙතින් පැවැත එන සාහිත්‍යය ජන සාහිත්‍යය ලෙස අපට හැ`දින්විය හැකි යි. ජන සාහිත්‍යය සමන්විත වනුයේ සරල අව්‍යාජ, ඒ වගේ ම බොහෝ විට අඥාත කර්තෘක නිර්මාණවලින්. ජන කවි, ජන කථා, ජන නාට්‍ය, ජන තේරවිලි, ප්‍රස්‌තාව පිරුළු, ජන කියමන් ආදී අංග ඊට අයත් වෙනවා.
මෙකී සංකල්ප එක් තැන් කොට ගනිමින් ළමයා ගේ පෞරුෂ වර්ධනය ස`දහා ජන සාහිත්‍යයේ ඇති වැදගත්කම සාකච්ඡා කිරීමේ දී අපට පළමු කොටම හමු වන ජන සාහිත්‍යාංගය නැළවිලි ගීය යි. වර්තමානයේ අප දන්නා සිංහල නැළවිලි ගී මහනුවර, මාතර අවධිවල පටන් නිර්මාණය වී ඇති බව හැෙ`ගන නමුත් දැනට අභාවප්‍රාප්ත පැරණිම දේශීය නැළවිලි ගී වර්ෂ දහස් ගණනක ඉතිහාසයකට දිව යන බව අපට කිව හැකියි. විජය කුමරා ලක්‌දිවට ගොඩ බට දින සිරීස වFථුවෙන් ඇසුණු මංගල ගීත රාවයක් පිළිබ`ද ව මහාවංශයේ ස`දහන් තොරතුරුත් අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් ගේ අටුවාවක ස`දහන් වන සිංහල දීපයේ ඇල් ගෙවිලියක ගේ ගායනයක් පිළිබ`ද තොරතුරුත් අනුව සිතා බැලු විට අපට එවැනි උපකල්පනයකට එළැඹෙන්න පුළුවන්. නැළවිලි ගීය සෑම පැරණි සභ්‍යත්වයක ම පාහේ එම ජාතිය සතු පොදු ජන උරුමයක් ව පැවත ඇති ආකාරය ද අපට දැක ගත හැකි යි. ලාංකේය වැදි ගී අතුරෙහි වන නැළවිලි ගී ද අපට මෙහි දී වැදගත් වෙනවා.
නැළවිලි ගී දරුවා ගේ පෞරුෂ වර්ධනයට ආකාර කිහිපයකින් දායක වෙනවා.
* දරුවා සමාජානුයෝජනය කරවීම.
* දරුවාට ළමා වියේ වටිනාකම අවධාරණය කරවීම.
* දරුවා ගේ යුතුකම් හා වගකීම් පැහැදිලි කිරීම.
* උපදේශාත්මක හා ආගමික කරුණු ගෙන හැර දැක්‌වීම.
ආදී වශයෙන් ඒවා ඉදිරිපත් කළ හැකි යි. සමහර විට නැළවිලි ගීය ගයා නළවන බිළි`දාට ඒවායෙන් කියෑවෙන අදහස් තේරුම් ගත නොහැකි විය හැකි යි. එහෙත් එම දරුවා නළවන අවස්‌ථාවේ ඊට වඩා වැඩිමහල් වයසක සිටින දරුවන් පිරිසකුත් මේ හ`ඩ න`ගා ගයන නැළවිලි ගී අසා සිටින්න පුළුවන්. ඒ අනුව නැළවිලි ගීයේ ප්‍රතිලාභ එක් එක් දරුවාට පමණක් නොවෙයි, සමස්‌ත දරු පරපුරට ම උරුම වන බව අපට දැක ගත හැකි යි.
සමාජානුයෝජනය කරවීම කියල කියන්නේ සමාජයට අනුගත කරවීම. මෙහි " භෞතික පරිසරය හා මානවීය පරිසරය යන දෙක ම වැදගත්. දරුවා භෞතික පරිසරයට අනුගත කරවීමට ගත් උත්සාහයක් කපුටු කාක් කාක් කාක්, බකමූණා හ්ම් හ්ම්, කොරවක්‌කා කොවාක් කොවාක් වැනි නැළවිලි ගීතවලින් දැක ගත හැකි යි. අනුකාරක ශබ්ද යොදා ගනිමින් දරුවාට සොබාදහම පිළිබ`ද අවබෝධයක් මේ ගීවලින් ලබා දී තිබෙනවා.
ඇතැම් නැළවිලි ගීවලින් දරුවාට තම ඥාතීන් පිළිබ`ද අවබෝධ කරවීමට ගත් උත්සාහයක් දැක ගත හැකි යි. එවැනි ගීවලින් දරුවා මානවීය සමාජයට අනුගත කරවීමට උත්සුක වූ ආකාරය පෙනෙනවා. මේ එබ`දු ගී කිහිපයක්.
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
හිතේ සෙනේ නැත නිම්මා
පුතේ නාඩ නිදියම්මා
පුතේ නුඹේ ලොකු අයියා
ලසේ නො වී දැන් එයියා
බසේ මියුරු තෙපලයියා
පුතේ නාඩ දොයි දොයියා
පුංචි අම්මා සීදේවී
දෙන්න වළලූ සදවාවී
නැන්දත් නුඹ නළවාවී
නින්දත් නිදියන් යාවී

එසේ ම දරුවා ගේ හා ළමා වියේ වටිනාකම ඔහුට අවධාරණය කිරීම ද නැළවිලි ගීවල දක්‌නට ලැබෙන ප්‍රශස්‌ත ලක්‍ෂණයක්. මෙය දරුවා තුළ ධනාත්මක චින්තනයක් ගොඩනැංවීමටත් හේතු වෙනවා. මේ එවැනි නැළවිලි ගී දෙකක්.
මගේ පුතා රත්තරනින් කළා වැනී
සිනා මුහුණ රත්තරනින් රුවක වැනී
දෙ පෝදාට පෑයූ පුන් ස`දක් වැනී
මගේ පුතා රන් දුනුකේ මලක් වැනී
අත්තක පිපි මලක් ලෙසේ
මුද්දක බැ`දි රුවක් ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ
දරුවාට තම යුතුකම් හා වගකීම් පැහැදිලි කර දෙමින් ගුණගරුක දරු පරපුරක් දැයට දායාද කිරීමට ගත් ප්‍රයත්නයක් ඇතැම් නැළවිලි ගීවලින් දැකගත හැකි යි. දරුවකු මෙලොවට දායාද කිරීමට මවක් අසීමිත ව දුක් වි`දින ආකාරය පැවසෙන පහත නැළවිලි ගීවලින් ඒ වෙනුවෙන් ඇයට නිසි ගෞරවය දැක්‌විය යුත්තේ කෙසේ ද යන්න දරුවාට අවබෝධ කරවා දෙනවා.
දිනේ පටන් මා උපන්න
මව් වි`දි දුක් බැහැ කියන්න
දොහොත් මුදුන් තබා මෙන්න
ව`දිමි මව්නි පින් ලබන්න
අ`ඩන කලට මා නළවා
ආදරයෙන් නිදි කෙරුවා
කැත කුණු මගෙ අතගෑවා
මව්තුම ඔබ බුදු වේවා
එසේ ම පහත නැළවිලි ගීයෙන් පැවසෙන්නේ මව්පියන් පෝෂණය කිරීම දරුවකු වෙතින් ඉටුවිය යුතු යුතුකමක් බව යි.
මගේ පුතා හරි හපනා
දවසට කොළඹට දුවනා
පනම් තිහක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා
ඒ පනමේ ලුණු කනවා
අම්මා කෙනෙකුට තමන් ගේ දරුවා වීරයෙකු විදිහට යි පෙනෙන්නේ. ඒ වීරත්වය ගැන අන් අයත් සම`ග කියෑවීමෙනුත් අම්මා කෙනෙකු අසීමිත සතුටක් වි`දිනවා. එසේ ම දරුවන් සම්බන්ධයෙන් මව්වරුන් තුළ ඉහළ අපේක්‍ෂා රැසක් තිබෙනවා. ඉහත ගීය ම`ගින් එකී සියලු ම කරුණු හෘදයාංගම ලෙස ඉදිරිපත් කොට තිබෙනවා.
සිංහල ජන සමාජය බොහෝ දුරට හැඩ ගැසී පැවතුණේ බෞද්ධාගමික පුරුෂාර්ථ මුල් කොට ගෙන යි. බුදුසමයේ එන හරපද්ධතියට අනුව උපදේශාත්මක කරුණු දරුවා වෙත ගෙන හැර දැක්‌වීම ම`ගින් ඔහු ගේ සදාචාරාත්මක පෞරුෂය වර්ධනය කරවීමට ජන කලාකරුවා උත්සුක වී ඇති ආකාරය ද නැළවිලි ගීවලින් දැක ගත හැකි යි.
බොහෝ නැළවිලි ගීවල පුතා, යනුවෙන් ආමන්ත්‍රණය කෙරුණේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේ ම දරුවන්ට යි. එහෙත් පුතණුවන් හටත් දියණියන් හටත් වෙන් වෙන් ව උපදෙස් ලබා දුන් අවස්‌ථා ද නැළවිලි ගීවල දැක ගත හැකි යි. දුවණියන් මුල් කොට ගනිමින් ඉදිරිපත් කෙරෙන්නා වූ පහත නැළවිලි ගී අප ගේ විෂයය හා අදාළ යි. ඉන් පැවසෙනුයේ එම දැරියට ජීවිත කාලය පුරාවට ම වැදගත් වන උපදේශාර්ථයක් එනම් පතිවත රැකීමේ අගය පිළිබ`ද ව යි.
පතිවත සුරකින ළ`දකගෙ මූණේ
පුන් ස`ද සේ දිදුලන හ`ද පානේ
පන්දම මෙන් උසුලන රෑ පානේ
බබළන බව දනු මගෙ සුදු නෝනේ
සිරි සැප වි`ද නැළවෙන දෑලේ
මගෙ දුව කිසි දුසිරිතකට නෑලේ
මුනි රජ දෙසු දහමට කර ආලේ
පණ වගෙ රකු දුව බඹසර සීලේ,
පහත ගී පිරිමි දරුවකු මුල් කොට ගෙන ගායනා කෙරුණු බව සිතිය හැකි යි. ඉන් පැවසෙන්නේ දඩබ්බරයකු නො වී, අහංකාරයකු නො වී සමාජ පිළි ගැනීමට පාත්‍ර වන දරුවකු විය යුතු ආකාරය යි.
ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී
ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළි`දු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළි`දු පුතා,
මවක හා කුඩා දරුවන් පිරිසක් අතර සංවාදයක් ලෙස නිර්මිත පහත නැළවිලි ගී ද උපදේශාත්මක අගයකින් යුක්‌ත යි. කථක මව ගේ පුතුට ගම්මැදි ළමයින් පිරිසක් පහර දී තිබෙනවා. ඒත් මේ මව ක්‍ෂණික ව කෝපයට පත්ව එම දරුවන්ට බැණ වදින්නේ නෑ. ඉතා සංසුන් ලෙස මේ නඩුව අහල සාධාරණ විස`දුමක් ලබාදීමට ඇය උත්සහ ගන්නවා.
නුඹට පුතේ කවුරු තැලූ
ගම්මැදිවල ළමයි තැලූ
ඇයි ළමුනේ පුතුට තැලූ
අපිට තැලූ අපිත් තැලූ
ළමයිනි තොප මොකෙන් තැලූ
තල මලකින් පිටට තැලූ
මින් පසු පුතු වෙයි යහළු
තොපිත් සිටිව් වී යහළු
තම දරුවාට තැළීමට හේතුව විමසන මවට ගැමි දරුවන් අපිට තැලූ අපිත් තැලු, ලෙස දෙන පිළිතුර ඔවුන් ගේ ළමා ගතිය ප්‍රකට කිරීමට ඉතාම උචිත යි. ඇය තම දරුවා එසේ නො කරනු ඇතැයි සිතන්නේ හෝ තම දරුවා නිදොස් බව කියා අනෙකුත් ගැමි දරුවන්ට තරවටු කරන්නේ හෝ නැහැ. කුඩා දරුවකු ලෙස තම දරුවා එවැනි ද`ගකාරකමක් කිරීමට හැකි බව මේ මව වටහා ගන්නවා. ඇය අවසානයේ පවසන්නේ මින් පසු පුතු වෙයි යහළු තොපිත් සිටිව් වී යහළු, යන්න යි. මේ මව ගෙදරට ගොස් තම දරුවාට අවවාද කරනු ඇති බව මෙයින් පැහැදිලි වෙනවා. කුඩා දරුවන් අතර මෙවැනි අ`ඩදබර නිතර සිදුවීම සාමාන්‍ය ලක්‍ෂණයක්. ඒ තමයි ළමා වියේ හැටි. ඒත් ඒ තරහව මොහොතකට විතර යි. එවැනි විට වැඩිහිටියන් පැත්තක් නො ගෙන මෙලෙස දරුවන් අතර මිත්‍රත්වය ගොඩනැ`ගීමට කටයුතු කරන්නේ නම් කෙතරම් විශිෂ්ට ද?
නැළවිලි ගී ඇතුළු පද්‍ය සාහිත්‍යය මෙන් ම ජන සාහිත්‍ය නිර්මාණ අතර ඇති කථාන්දර ද ළමයා ගේ පෞරුෂ වර්ධන කාර්යයේ දී සාධනීය ලෙස යොදා ගත හැකි යි. නිදර්ශන වශයෙන් මහදැනමුත්තා, අන්දරේ ආදීන් ගේ කථා දැක්‌විය හැකි යි. මහදැනමුත්තා ගේ කථාවල දී මහදැනමුත්තා ගේ අනුවණකම්වලට හිනාවෙන කුඩා දරුවා හාස්‍ය රසය වි`ද ගන්නා අතර ම අඥාන ව කටයුතු කිරීමේ ආදීනව වටහා ගනිමින් බුද්ධිමත් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම තේරුම් ගන්නවා. අන්දරේ ගේ කථා එක් පැත්තකින් විනෝදකාමී ව හා උපායශීලී ව ජීවිතය ප්‍රබෝධවත් ව පවත්වාගෙන යැමට අනුබල දෙනවා. ගමරාළ ගේ කථාත් මෙහි වැදගත්. නිදර්ශනයක් ලෙස ගමරාළ සිල්ගත් හැටි පැවසෙන කථාව දැක්‌විය හැකි යි. ආගම දහමින් දුරස් වන්නවුන්ට ප්‍රායෝගික සමාජයේ දී මුහුණ පෑමට සිදු වන තත්ත්වය එම කථාවෙන් උපහාසාත්මක ලෙස ඉදිරිපත් කෙරෙනවා.
ශත වර්ශ දහස් ගණනක් පැරණි පර්සියානු ළමා ජන කථාවක් වන රතු තොප්පි වෙළෙන්දා ගේ කථාව ළමා පෞරුෂ වර්ධනය ස`දහා ජන සාහිත්‍යය යොදා ගැනීම පිළිබ`ද මනා නිදර්ශනයක්. යට දැක්‌වෙන එම කථාව උපුටා ගන්නා ලද්දේ මහගමසේකර මහතා ගේ ලිපියකින්.
"එකමත් එක කාලයක හිටියා තොප්පි විකුණන වෙළෙන්දෙක්. එයා ඉස්‌සෙල්ලා ම එයා ගේ පරණ දුඹුරු පාට තොප්පිය ඔළුවෙ දාගන්නවා. දුඹුරු පාට තොප්පියට උඩින් එයා ගේ කහ පාට තොප්පි දාගන්නවා. කහ පාට තොප්පි උඩින් නිල් පාට තොප්පි දාගන්නවා. නිල් පාට තොප්පි උඩින් කොළ පාට තොප්පි දාගන්නවා. ඒ ඔක්‌කෝට ම උඩින් රතුපාට තොප්පි දා ගන්නවා. දාගෙන තොප්පි විකුණන්ඩ ගමක් ගානෙ යනවා. ගිහින් තොප්පි, තොප්පි, කිය කියා පාර දිගේ ඇවිදිනවා.
එක දවසක් ඔය විදියට ඇවිද්ද ඇවිද්දා කවුරුවත් තොප්පි ගත්තේ නෑ. වෙන එකක් තියා රතු පාට තොප්පියක්‌වත් විකුණාගන්ඩ එයාට බැරි වුණා. අන්තිමේ දී එයා හිතුවා ඒකට කමක් නෑ. අද ටිකක් නිවාඩු ගන්ඩ හො`ද දවසක් කියල. එහෙම හිතල යන කොට ගම අද්දර පාර අයිනෙ තිබුණ ලොකු ගහක්. වෙළෙන්දා තොප්පි ටික ගහට හේත්තු කරල, ගහ මුල ටිකක් හාන්සි වුණා. ටික වෙලාවකින් එයාට හො`දට ම නින්ද ගියා.
එයාට ඇහැරුණේ හු`ග වෙලාවකට පස්‌සේ. ඇහැරිලා බැලින්නං, තොප්පි ටික නෑ. ඔලුවෙ දාගෙන හිටපු පරණ දුඹුරු පාට තොප්පිය විතරයි තියෙන්නේ. වෙළෙන්ද ඉස්‌සරහ පැත්ත හැරිල බැලුවා.
තොප්පි නෑ.
වම් පැත්තට හැරිල බැලුවා.
ඒත් නෑ.
දකුණු පැත්තට හැරිල බැලුවා.
ඒත් නෑ.
නැ`ගිටල ගහ වටේ ගිහින් බැලුවා.
ඒත් නෑ.
අන්තිමේ දී එයා උඩ බැලුවා.
ගහේ අත්තක් ගානේ ව`දුරො. තොප්පි ටික ඔළුවෙ දා ගෙන. වෙළෙන්දා ව`දුරන්ට අත උරුක් කරල කෑ ගහල කිව්වා, ව`දුරනේ, දියල්ල මගෙ තොප්පි, ඒත් ව`දුරො තොප්පි දුන්නෙ නෑ. උනුත් වෙළෙන්දාට අත උරුක් කරලා හික් හික් ගාල කෑගැහුවා. වෙළෙන්දා අනිත් අතත් උරුක් කරල කෑ ගහල කිව්වා, ව`දුරනේ, දියල්ල මගෙ තොප්පි, ඒත් ව`දුරො තොප්පි දුන්නෙ නෑ. උනුත් අනිත් අතත් උරුක් කරලා හික් හික් ගාල කෑගැහුවා.
වෙළෙන්දා එක අඩියක් පොළොවෙ හප්පල කෑ ගහල කිව්වා, දියල්ල මගෙ තොප්පි, ව`දුරොත් හික් හික් ගාලා කෑ ගැහුවා. නමුත් තොප්පි දුන්නෙ නෑ.
වෙළෙන්දා අනිත් අඩියත් පොළොවෙ හප්පලා කෑ ගහලා කිව්වා, දියල්ලා මගෙ තොප්පි, ව`දුරොත් හික් හික් ගාල කෑ ගැහුවා. ඒ මිසක් තොප්පි දුන්නෙ නෑ.
වෙළෙන්දට හො`දට ම තරහ ගියා. කොච්චර තරහ ගියා ද කිව්වොත් එයා ඔළුවෙ දා ගෙන හිටිය දුඹුරු පාට තොප්පිය අරං පොළොවෙ ගැහුව.
එතකොට ම ව`දුරොත් ඔක්‌කොම එක්‌ක තොප්පි අතට ගත්ත. අරගෙන උනුත් තොප්පි පොළොවෙ ගැහුව.
ඊට පස්‌සෙ වෙළෙන්`දා තොප්පි ටික අහුල ගත්ත. අහුලගෙන ඉස්‌සෙල්ලා ම එයාගෙ පරණ දුඹුරුපාට තොප්පිය ඔළුවෙ දා ගත්ත. දුඹුරු පාට තොප්පියට උඩින් එයාගෙ කහපාට තොප්පි දා ගත්ත. කහපාට තොප්පි උඩින් නිල්පාට තොප්පි දා ගත්තා. නිල්පාට තොප්පි උඩින් කොළ පාට තොප්පි දා ගත්තා. ඒ ඔක්‌කෝට ම උඩින් රතුපාට තොප්පි දා ගත්තා.
ඊට පස්‌සෙ ආයිමත් එයා ගමට ආවා. ඇවිත් තොප්පි තොප්පි, කිය කියා පාර දිගේ ඇවිද්දා." මේ කථාවේ තොප්පි වෙළෙන්දා විකිණීමට රැගෙන යන තොප්පි ස`දහා යොදා ගෙන තිබෙන්නේ ළමයින් ප්‍රිය කරන ආකාරයේ කහ, රතු, නිල් ආදී මූලික වර්ණ. ඒ වගේ ම කුඩා දරුවන් කියන්නේ බොහෝ ක්‍රියාශීලී පිරිසක්. ළමයින් ගේ එවන් මනෝභාවයන්ට තුඩු දෙන සේ මෙම කථාව පුරා ම ක්‍රියාශීලී බවක් රැ`දී පවතිනවා. තොප්පි අහුරා ගැනීම, තොප්පි විකුණමින් ඇවිදීම, නින්දෙන් අවදිව වටපිට බැලීම, ව`දුරන්ට අත උරුක් කිරීම, අඩි පොළොවේ හැප්පීම, තොප්පි විසි කිරීම, වෙළෙන්දා නැවත එම තොප්පි අහුරා ගෙන විකිණීමින් ඇවිදීම ආදී වශයෙන්. ඒ වගේ ම ළමා මනසට ගැළපෙන පරිදි සරල හාස්‍යයක් ගෙන දීමත්, ළමයා තුළ කුතුහලය දනවා එය සංසි`දුවීමත් මෙහි සාර්ථක ලක්‍ෂණයක්. කුඩා දරුවන්ට ගැඹුරු සමාජ දේශපාලන උපහාසයන් තේරුම් ගත නොහැකි යි. ඔවුන් ගේ මනසට ගැළපෙන්නේ මෙහි දැක්‌වෙන ආකාරයට ව`දුරන් තොප්පි දමා සිටීම, ඔවුන් වෙළෙන්දාට අත උරුක් කිරීම වැනි සරල හාස්‍යයක් මතු කරන සිදුවීම්. ඒ වගේ ම වෙළෙන්දා ඇහැරී තොප්පි හොයන අවස්‌ථාවේ තොප්පිවලට කුමක් වුණේ ද යන්නත්, ව`දුරන් ඒවා රැගෙන ගොස් ඇති බව දුට විට එම තොප්පි නැවත ගෙන්වා ගන්නේ කෙසේ ද යන්නත් කුතුහලය දැනවෙන සේ ඉදිරිපත් වී තිබෙනවා. මෙම කථාව තුළ ඇත්තේ නාෙට්‍යාචිත සිදුවීම්. පන්ති කාමරයක් තුළ මෙම කථාව ළමුන් ලවා නාට්‍යාකාරයෙන් ඉදිරිපත් කළ හැකි බවත්, එහි දී පන්තියේ ලොකු ළමයකු වෙළෙන්දා හැටියටත් අන් ළමුන් ව`දුරන් හැටියටත් යොදා ගනිමින්, ව`දුරන් ගහ උඩට නැ`ගී සිටීම ළමුන් ඩෙස් බංකු මත නැ`ගීමෙන් නිරූපණය කළ හැකි බවත් මහගමසේකර මහතා ස`දහන් කොට තිබෙනවා. මේ ආකාරයට මේ කථාව ළමයා ගේ පෞරුෂ වර්ධනයට සාධනීය ආකාරයෙන් යොදා ගත හැකි විදේශීය ජන කථාවක්.
ඊසොප් ගේ උපමා කථා අතර එන තේමාවන් ද පෙර දැක් වූ ආකාරයට ළමයා ගේ පෞරුෂ වර්ධනයේ දී යොදා ගත හැකි බව කපුටා සහ කේජු කෑල්ල, හාවා ගේ හා ඉබ්බා ගේ දිවීමේ තරගය, නරියා සහ මිදි වැල වැනි කථාවලින් පැහැදිලි වෙනවා. එසේ ම ජන කථා ලෙස ප්‍රචලිත ව ඇති ජාතක කථා තේමාවන් ද මෙහි දී වැදගත් වන ආකාරය සාම, චුල්ල හංස, සත්තිගුම්බ, නන්දිවිසාල වැනි ජතක කථා ආශ්‍රයෙන් පෙන්වා දිය හැකි යි.
ළමා ජන සාහිත්‍යයට අයත් අනෙකුත් සාහිත්‍යාංග පිළිබ`ද ව ද සාකච්ඡා කිරීම වැදගත්. ළමා ජන තේරවිලි ළමයා ගේ බුද්ධි වර්ධනයට වගේ ම සෞන්දර්ය රසාස්‌වාදයටත් උපකාරී වෙනවා. පහතින් වනුයේ වැහි බිංදුව ගැන කියවෙන ළමා ජන තේරවිල්ලක්.
අත්තෙන් අත්තට පනින කුරුල්ලා
බිමට වැටිච්චන් චොහොර කුරුල්ලා
මේ පොල් ගෙඩිය ගැන කියෑවෙන්නක්.
ගලක් පලා ගලක් දුටින්
එගල පලා රිදී දුටින්
රිදී ළිෙ`ද් වතුර දුටින්
තෝරන්නේ බොළ`ද කටින්
ඒ වගේ ම ජන කාව්‍ය අතරෙහි වන වැලිතලප සෑදීම පිළිබ`ද පැවසෙන පද්‍යාවලිය, පැදුරු මාලය ආදිය ජන සමාජය හා බැ`දුණු සංස්‌කෘතිය වෙත දරුවා අනුයෝජනය කරවනවා. උංචිලි වාරම්, මේවර කෙළිය, ඔළි`ද කෙළිය, කළගෙඩි නැටුම ආදිය සම`ග බැ`දුණු ළමා ජන ගී ගැහැනු ළමයකු ගේ ලාලිත්‍යවත් භාවය ඔප් නැංවීමට විශේෂයෙන් වැදගත් වන ආකාරය ද පෙන්වා දිය හැකියි.
ළමයා ගේ පෞරුෂ වර්ධනය ස`දහා ජන සාහිත්‍යයේ ඇති වැදගත්කම නූතන යුගයේ සාහිත්‍යකරුවන් ද වටහාගෙන ඇති ආකාරය මහින්ද හිමි ගේ ජාතික තොටිල්ල, කුමාරතුංග මුනිදාස ගේ නැළවිල්ල පද්‍ය පන්තිය, බී. එච්. පෙරේරාගේ දරු නැළවිල්ලක් පද්‍ය නිර්මාණය ආදියෙන් දැක ගත හැකි යි. එකී පද්‍ය නිර්මාණ නැළවිලි ගීයේ ආභාසය ලබා ගෙන බිහි වී ඇති ආකාරය අධ්‍යයනය කළ හැකි යි. දයානJද ගුණවර්ධනයන් ගේ නරිබෑනා නාට්‍යය ද අන්තර්ගතය සංගීතය ආදී අංගවල දී ජන සාහිත්‍යයේ ඇසුර ලබා ගනිමින් බිහි කෙරුණු ළමා නාට්‍යයක්.
මේ ආකාරයට ළමයා ගේ භාවේන්ද්‍රිය හා බුද්ධීන්ද්‍රිය සමබර ව වර්ධනය වීම ස`දහා ළමා ජන සාහිත්‍යය වැදගත් වන ආකාරය මෙන් ම අසමතුලිත සමාජ ප්‍රපංචයන් බිහි වීමට ඒවායෙන් ඈත් වීම එක් හේතුවක් වී ඇති ආකාරය ද අවසන් වශයෙන් නිගමනය කළ හැකි යි. වර්තමානයේ රූපවාහිනිය, පරිගණක ක්‍රීඩා, උපකාරක පන්තිය, තරග විභාග ආදිය ළමයා ජන සාහිත්‍යයෙන් දුරස් කරවීමට හේතු වී තිබෙනවා. එහෙත් මේ නූතන සමාජය තුළ බිහි වන දරුවා මීට දශක දෙක තුනකට පෙර ජීවත් වූ එම වියේ දරුවන් හා සස`දා බැලූ කල ඔවුන් ගේ ආකල්පමය වෙනස වටහා ගැනීම අසීරු වන්නේ නෑ. ළමා ජන සාහිත්‍යය රටක ජාතික උරුමයක්. ඒවා පරපුරෙන් පරපුරට දායාද කර දෙමින් ඒවායේ සාධනීය ලක්‍ෂණ උකහා ගැනීම ජාතික අවශ්‍යතාවක්.
2012
2 01 දිවයින බදාදා අතිරේකය
ජන සාහිත්‍යයේ
සමාජ බලපෑම
ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් ජන සමූහයන් අතර කාලයක් තිස්‌සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ ඥාන සම්භාරය ජනශ්‍රැතිය නම් වේ. මේ පාරම්පරික නැණ නුවණ ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ ඒ දෙකෙන්ම හෝ නිර්මාණය වී ජන සමාජය තුළ පැවත එයි. එසේ පැවත ඒමේදී මූලික වශයෙන් ආකෘතිමය වෙනසක් සිදු නොවෙතත් කාලානුරූපීව බසෙහි කිසියම් වෙනසක් සිදු වෙයි.
ජනශ්‍රැති විද්‍යාඥයන් නොයෙක් අර්ථකථන දක්‌වා ඇතත් ඒවා සියල්ලෙන්ම කියෑවෙන්නේ "ජනශ්‍රැතිය යනු මුඛ පරම්පරාගතව කාලයක් තිස්‌සේ පැවත එන සාමූහික දැන නුවණ බව" යි.
සාමූහික දැන නුවණ යනු මුළු මහත් ජන සමාජය විසින් ම ලබා ගන්නා වූ අත්දැකීම් සම්භාරයයි. ජන කවියක් හෝ කිසියම් ජනශ්‍රැතියක් තේරුම් ගැනීමේදී ජන සමාජය විසින් එය අත්විඳින ආකාරය හෙවත් ප්‍රයෝජනයට ගන්නා අන්දම හා එය සමාජය පුරා ව්‍යාප්ත වන ආකාරය ද විමසා බැලීම ජනශ්‍රැති අධ්‍යයනයේදී වැදගත් වේ. වර්තමානයේ බොහෝ දෙනෙක් ජනශ්‍රැති හෙවත් ජන සාහිත්‍යය පවතින්නේ සාක්‌ෂරතාව නැති ප්‍රාථමික සමාජ ස්‌ථරයන් සඳහා පමණක් යෑයි සිතති. මේ සිතුවිල්ල සම්පූර්ණයෙන් ම නිවැරදි නොවේ. වැදි, පිග්මි, ඇස්‌කිමෝ වැනි ප්‍රාථමික ජන සමාජවල මෙන්ම වර්තමාන දියුණු යෑයි කියා ගන්නා සමාජයන් තුළ ද ජනශ්‍රැති පහළ වේ. එමෙන්ම ඔවුනට ද ජනශ්‍රැතිවලින් කිසියම් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වේ.
භාෂාව හඳුනාගැනීමට පෙර මිනිසා විසින් ශබ්ද සංඥ භාවිත කළේය. එම මුල් යුගයේ සිටම ජනශ්‍රැති පහළ වන්නට ඇතැයි සිතිය හැක. එසේ ඇරඹි දැන නුවණ භාෂාව දියුණුවත් සමඟ ම සාහිත්‍යමය රසයක් කැටි වන අන්දමට රසය හා සමාජ උපදේශනය මුල් කරගත් සාහිත්‍යමය අංගයක් ලෙස ජන සාහිත්‍යය අප අතරට එක් වන්නට ඇත.
ජනශ්‍රැතිය මුලින්ම ඇති වූයේ පුද්ගලයකු මුල් කරගෙන විය හැක. එහෙත් පුද්ගලයකු ප්‍රකාශ කළ හෝ නිර්මාණය කළ කතාවක්, වැකියක්, පිරුළක්, ජන කවියක්, තේරවිල්ලක්, ඇදහිල්ලක්, යාදින්නක්, නාට්‍යාංගයක් උපහැරණයක් ආදී වශයෙන් ඇති ජනශ්‍රැති ජන සමාජය විසින් මැකී යන්නට නොදී රැක ගත්තේ කුමක් නිසා දැයි සිතිය යුතුව ඇත. මෙහිලා අපට පැහැදිලි වන්නේ එකී ජනශ්‍රැතිවල ඇති වින්දනාත්මක භාවපූර්ව බව ඒවා යුගයෙන් යුගය සුරැකී පැවතීමට හේතු වූ බවයි.
සමූහ විඥානයට පුද්ගලයා කී දේ පිළිගැනීමට හැකි වූයේ ඒවායේ තිබූ සමාජ විඥානයට අභිරුචි බව නිසා ය. බොහෝ කාලයක සිට ඇසූ "අන්දරේගේ කතා" හා කවි වර්තමානයේදී වචනවල මද වෙනස්‌කම් සහිතව අපි තවමත් රස විඳිමු. "අන්දරේගේ කතා" මෙන් ම ගමරාළගේ කතා ද අප අතරේ තවමත් ර¹ පවතින්නේ සාමූහික ජන විඥනයට ඒවා මැනවින් ගැලපුන නිසා ය.
අන්දරේ එදා කී කවි තවමත් අප අතර නොමැකී පවතිතත් මෑත යුගයේ හෙවත් කොළඹ යුගයේ ඇතැම් කවියන් කිවූ කවි අප අතරෙන් සදහටම වියෑකී දූරීභූතව ගොස් ය.
ජනශ්‍රැතින් අතර එන ජන සාහිත්‍යාංගයේ එක් අංගයක් වූ ජන කවිය ආරම්භ වන්නට ඇත්තේ සිංහල ජාතිය ඇති වන්නටත් පෙරාතුව විය හැක. මෙරට ජන කවියේ ආරම්භය කෙසේ සිදුවිනදැයි කිව නොහැකි වෙතත්, ආදිවාසීන් සතුව පැවත එන වැදි ජන කවිවල මූලාරම්භය පැරැණි ජන කවියේ නෂ්ටාවශේෂයන් වශයෙන් සැලකිය හැකි වේ. වර්තමානයේ දක්‌නට ඇති අපේ පැරැණි ජන කවි අතරින් වඩාත් ජනප්‍රිය ජනකවි විශේෂයක් වන්නේ ආදර ජන කවි හෙවත් පෙමින් බැඳි කී ජන කවි ය.
හේන් ගොවිතැන ජීවනෝපාය කරගත් දිගාමඩුල්ල වෙල්ස්‌ස බින්තැන්නේ ගැමියන් සිය ජීවන අරගලයේදී නැගෙන වේදනාව, දුක, දොම්නස, කාන්සිය දුරු කර ගන්නට මෙන්ම ඇති වන සතුට, සැනසුම ප්‍රීතිය විඳදරා ගැනීමටත් මාධ්‍යය කරගත්තේ වැඩි වශයෙන් ම ජන කවියයි කීම අතිශයෝක්‌තියක් නොවේ.
හේනේ පැලෙන් හා ගොවි ගෙදරින් ඇහෙන ජන කවිය තුළින් හේන් ගොවියන්ගේ විවිධ ජීවන ගැටලු ගැන මෙන්ම හේන් ගොවිතැනේ අවස්‌ථාවන් ද විදහා දැක්‌වේ. පැල් කවි, හේන් කවි, බඹර කවි හා යාදිනි කවි මෙන්ම ආදර කවි කීමෙහිද අපූරු දක්‍ෂතාවක් ජන කවියා තුළ තිබූ බව ඔවුන් යොදා ගත් උපමා රූපක ආදියෙන් මතු කර දැක්‌වූ කාව්‍ය සිතුවිලිවලින් පැහැදිලි වේ.
මුතු මැණිකේ නම් සිය පෙම්වතිය කෙරෙහි අසීමිත ලෙසින් බැඳී ගිය පෙම්වතකු තම සිතුවිලි සමුදාය වක්‍රෝත්තියෙන් තොරව, අශ්ශීල බවෙන් මිදී පවසා ඇත්තේ මෙසේ ය.
මුතු මැණිකේ ඉඳලා ගිය කඩුල්ලේ
සීන් කෙන්දි මල් පිපුණයි ඇසිල්ලේ
බාන් වෙලා රෑ තුන්යම මුළුල්ලේ
නිදි නම් හොඳයි මුතු මැණිකෙගෙ තුරුල්ලේ
බැද්දේ දිවි ගෙවන නාඹර නාඹිරියන්ගේ ආදර හැඟුම් කාමුක සිතුවිලි බවට පත් නොවුණා නොවේ. එබඳු අවස්‌ථාවල ඔවුන් ඒවා විඳ දරා ගත්තේ ජන කවියේ මාර්ගයෙන් තම සිතුවිලි අව්‍යාජව කියා පෑමෙනි. මුතු මැණිකෙගේ රස පහස විඳ ගැනීමට තිබුණා නම් හොඳ යෑයි වක්‍රෝත්තියෙන් තොරව කියන තරුණයා මැණිකෙගෙ පුසුඹ සිතින් ආඝ්‍රණය කරන්නේ මැණිකේ තමා හමුවීමට පැමිණ ඉඳි කඩුල්ල ළඟට වී සිටි මොහොත සිහි කරමිනි. ඇය පෙම්වතා හමුවට පැමිණ ඇත්තේ හවස් මානේය. ඇය සිටි ඉසව්වෙන් සීන් කෙන්දි මල් පිපුණ බවක් කියන්නේ එබැවිනි. "සීන් කෙන්දි මල්" හෙන්දිරික්‌කා මල්ය. හෙන්දිරික්‌කා මල් ගැමියන් හඳුන්වන්නේ හීන්කෙන්දි මල් යන අපූරු ලස්‌සන නමකිනි. එමලේ ඇති ලා රත් පැහැය හැඩය, සුවඳ කවියා තරුණියට ආරෝපණය කරයි.
"තරුණියගේ රස තුරුල්ලෙහි නිදා ගන්නට ඇත්නම් හොඳයි" යෑයි සිතන කවියා ඇගේ මල් කැකුළක් වන් ළය මඩල දෙස සරාගී ලෙසින් බලන්නේ.........
කුකුළුවනේ අඬලන්නේ එළිවෙන්ට
මකුළුවනේ දැල් ලන්නේ බිජුලන්ට
බඹ රජුනේ රොන් ගන්නේ පැණි ලන්ට
කැකුළු තනේ මෝරන්නේ බිළිඳුන් යනුවෙනි
තරුණයා සිය සිතුවිලි අව්‍යාජව කියා පෑ ආකාරය අසන්නන් තුළ රස දනවන්නේ ඕලාරිකව නොවේ. ඔවුන්ගේ ඉඟි බිඟි අඟර දඟර රසවත් ය. ඒවායින් නැගෙන ශෘංගාර රසය අගය කළ හැකිය. එහි ඇත්තේ හුදු කාමයම නොවේ. අශ්ශීල හෙවත් ඕලාරික නොවන මෙවැනි කවිවලින් පෝෂිත වූ ගැමි තරුණ තරුණියන්ගේ හැඟීම් ද ආස්‌වාදජනකය. කිසියම් අවශ්‍යතාවක් සඳහා බිබිලට ගිය තම ආදරවන්තිය සිහිකොට තරුණයෙකු කියන මේ කවි දෙක කෙතරම් ආස්‌වාදජනක ආදරණීය හැඟීම්වලින් පිරී පවතී ද යන්න විමසා බලන්න.
පීරලා කොණ්‌ඩය බැඳ නොබැන්දැ යි
හිඳ බැහැලා මැද මිදුලට පලද්දැ යි
පිටුපාලා නුඹ පාරට හැරෙද්දැ යි
රුව ඇති මැණික අද බිබිලට පලැද්දැ යි
දවල් යන ගමන ඉර දෙවියන් හට බාරයි
රෑ යන ගමන සඳ දෙවියන් හට බාරයි
නිතර යන ගමන සඳ දෙවියන් හට බාරයි
රුවැති මැණික ගණ දෙවියන් හට බාරයි
බැද්දේ දිවි ගෙවන ඇතැම්හු ළා බාල දැරිවියන් වෙත ආදර ලෙන්ගතුකම් දක්‌වති. එවැනි කෙනෙකු වෙත අපහාස උපහාස මුඛයෙන් බලන ජන කවියා
පින්නේ නනා මෝරණ මල් කැකුළු කැලේ
පෙති ඉහිරී වැටුන ඉරු රැස් වැටුණ කැලේ
පිපුණ මලට ඇති ආදර බඹර කැලේ
නොපිපුණ මලට තනි රැක්‌කේ කිමද මලේ?
යෑයි කියන්නේ සොබා දහම හා සාරධර්ම එකට බැඳී ඇති බව පෙන්වා දෙමිනි. සොබා දහමට විරුද්ධව ජීවිත ගෙන යැම බලවත් වරදක් බව ජන කවියා පෙන්වා දෙන්නේ, "බඹරුන් පවා ආදරය කරන්නේ පිපුණ මල්වලට පමණක් නමුත් උඹ පමණක් ඇයි මේ අන්දමට නොපිපුණ මලකට තනි රකින්නේ? යෑයි අසමිනි. ජන කවියා මෙහිදී නොපිපුණ මලට තනි රකින බවක් දැක්‌වීමෙන් පාඨකයා තුළ ජනිත කරවන ආස්‌වාද ජනක සිතුවිලි කොතරම් අපූරුද. අශ්ශීල බවෙන් තොර එම යෙදුම තුළින් කියෑවෙන්නේ කටේ කිරි සුවඳවත් නොගිය ගැටිස්‌සියක් වෙනුවෙන් "හොර ගල් අහුලමින්" ඇය පසු පස්‌සේ යමින් කල් මරන එකෙක් ගැන ය.
එහෙත් බැද්දේ වෙසෙන හැම තරුණයෙක්‌ම නොපිපුණ මල් කැකුළු තලා දමන්නට තැත් නොකරති. ඔවුන් නිසි වියට පත් තරුණ කැකුළියන්ට ආදරය දක්‌වයි. එසේ ආදරය කරන ඔවුන් තම ආදර වන්තියන් අරබයා රසවත් කවි සිතුවිලි මවන්නේ මේ අන්දමටය.
තල් වත්තේ තල මල පිපුණා වාගේ
පොල් වත්තේ පොල් මල පිපුණා වාගේ
කහ වත්තේ කහ මල පිපුණා වාගේ
පින්න මලයි නුඹෙ මුහුණයි එක වාගේ
කන්ද උඩට යන කොට ගම පෙනීයන්
දෑල දෙකට පෙති ගෝමර ඉසීයන්
පැදලා යන්ට අත්තටු දෙක මැවීයන්
ළපටි නෑනා මට හීනේ පෙනීයන්
දුර එන කොට වැට කෙයියා මලක් වගේ
ළඟ එනකොට රිදියෙන් කළ වැඩක් වගේ
ගෙට එන කොට ගෙයි දැල්වෙන පහන වගේ
මගෙ මැණිකේ මට මහනෙල් මලක් වගේ
සඳරුවන් ලොකුහේවා

2009 10 25
දිවයින ශාස්ත්‍රීය
ධීවර බෞද්ධයා
ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු සමයේ කේන්ද්‍රස්‌ථානය යි. රටේ ජනගහනයෙන් වැඩිම පිරිසක් සිංහල බෞද්ධයන් වන අතර රාජ්‍ය ආගම වනුයේද බුද්ධ ධර්මය යි. රටේ නායකත්වයට පත්වීමේදී අවශ්‍ය මූලික සුදුසුකම් අතර සිංහල බෞද්ධයකු වීම ප්‍රධානම සුදුසුකම ලෙස සම්මතය.
යහපත් වූ අන්තර්පුද්ගල සබඳතාවන් යටතේ සාරධර්ම අතින් පෝෂණය වූ ජන සමාජයක් බිහිකිරීම බුදු සමයේ මුල් අපේක්‍ෂාවයි. එහිලා ජාති, ආගම්, කුල, ගෝත්‍ර, භේද නොමැත. එසේම මිනිසාට ජීවත්වීම සඳහා අවශ්‍ය නිවැරදි ජීවන වෘත්තියක අවශ්‍යතාව ද බුදුසමය මගින් අවධාරණය කොට තිබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි "සම්මා ආජීව" හෙවත් යහපත් දිවිපෙවෙත නමින් සාකච්ඡාවට බඳුන්කොට ඇත්තේ එම කරුණයි. ඒ අනුව මෙහිදී අපගේ සාකච්ඡාවට බඳුන්වන ධීවර කර්මාන්තය සම්මා ආජීවයට අයත් නොවන බව නොවළහා සඳහන් කළ යුතුය. එහෙත් එම කර්මාන්තයෙහි නියුතු ප්‍රජාවගෙන් වැඩි ප්‍රමාණයක් බෞද්ධයන් වීමත්, ඔවුන් දෛනික ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් ස්‌වකීය කර්මාන්තය ආරම්භ කිරීමත් යන කරුණු දෙස බැලීමේදී ධීවර ජනයා හා බුදුසමය අතර ඇති සබැඳියාව ඉතා සමීප එකක් වනබව පැහැදිලි වෙයි.
වෙරළබඩ ධීවර ජනතාව සම්මා ආජීවයට පටහැනි ජීවන වෘත්තියක නියෑළුණද දකුණු පළාතේ ජීවත්වන ධීවරයන්ගෙන් සියයට අනූවක් (90%) ඉතා සැදැහැති බෞද්ධයෝ වෙති. දකුණු පළාතේ වෙරළකරයේ වෙහෙර විහාර බොහොමයක් ධීවර කර්මාන්තයේ නියෑළුණු ප්‍රජාවගේද අනුග්‍රහය මත තනවා තිබීම ඊට කදිම නිදසුනකි.
ධීවර කර්මාන්තයෙහි ඉතිහාසය රාවණා යුගය තෙක් ඈත අතීතයට දිව යයි. පුරාතන භාරතීය වෙළඳ ආර්ථික පරිසරය තුළ ද නූතන යුරෝපීය රටවල මෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් තිබුණ බව පාලි ත්‍රිපිටකයෙහි දීඝනිකායේ සාමඤaඤඵල සූත්‍රයෙන් පෙනේ. මුගපක්‌ඛ ජාතක කතාවේ එන කාර්මික ශ්‍රේණි කිහිපයක් ගැන විමසීමක් කරන රීස් ඩේවිඩ්ස් ස්‌වකීය BUDDHIST INDIA නමැති කෘතියෙහි වත්මන් වෘත්තීය සමිතිවල (Trade union) ස්‌වරූපය දරන සංගම් 18 ක් ගැන සඳහන් කරයි. ඒ අතර 10 වැනි වෘත්තීය සමිතිය ලෙස දක්‌වා ඇත්තේ "මසුන් අල්ලන්නන්ගේ වෘත්තීය සමිතිය" යි.
දිවා කාලයේ ඈත දියඹේ දැඩි සූර්යතාපයෙන් තැවෙමින්ද, රාත්‍රි කාලයේ අධික සීතලෙන් ගැහෙමින්ද, ධීවර ජනයා නිරතව සිටිනුයේ ලෙහෙසි පහසු ජීවන වෘත්තියක නොවේ. ධීවර වෘත්තිය යන වචනයට වඩා එය ජීවන අරගලයක් හෙවත් ජීවත්වීම සඳහා කරන බිහිසුණු සටනක් ලෙස හැඳින්වීම යුක්‌තිසහගතය.
ශ්‍රී ලංකාවේ මසුන් මැරීම දියුණු තත්ත්වයක පවත්නේ වෙරළබඩ ප්‍රදේශවලය. උඩරට ප්‍රදේශයේ මසුන් ඇල්ලීම කරනුයේ ඇළ, දොළ, ගංගා, වැව්, අමුණු ආදියෙහිය. මහනුවර නගරයට ආසන්නයේ ස්‌ථාන කිහිපයකම රජුන් විසින් විනෝදය පිණිස මසුන් ඇති කරන ලද බව රොබට් නොක්‌ස් විසින් රචනා කරන ලද ඩේවිඩ් කරුණාරත්නයන් පරිවර්තනය කළ "එදා හෙළදිව" නමැති කෘතියේ සඳහන් වෙයි. මුහුදෙහි මසුන් ඇල්ලීමට යැම ඉතා භයානක නිසා ධීවරයන් ඔරුව මුහුදට දියත් කළේ දෙවියනට පුද පඬුරුදී භාරහාර වීමෙනි. පහත කවි ඒ බවට සාක්‍ෂි දරයි.
කතරගම දෙවිඳු කන්දස් ස්‌වාමිනේ
ඔරුව රුවල රත්තරනෙන් තනා ගෙනේ
තුඹද පරුමාන රිදියෙන් තනා ගෙනේ
ඇසළ මසට එනවා හිස තබා ගෙනේ
මිනිසුන් අතර පවත්නා ලොකු පුංචිකම්, උස්‌මිටිකම්, අඬදබර ගැන කියෑවෙන ඇලන්සන් පියදාසයන්ගේ "මුහුද" නමැති ඉතා පැරැණි කවි පන්තිය සංසාරය සංකේතවත් කරන්නක් ලෙස සැලකිය හැකිය.
ලොකු ඔරු පාරු පැදයන මුහුදෙහි මැද්දේ
මා සතු පිළා කඳ ඒ මේ අත පැද්දෙ
නැවතී මදක් විමසමි මෙහි ඇති සද්දේ
ලොකු පොඩි මාළු අතරෙහි මෙහි ඇත යුද්දේ
මෝරුන් තල්මසුන් අතරෙහි ඇති පොරය
ඉස්‌සන් හාල් මැස්‌සන් හට කර දරය
උන් විඳ දරා ගන්නා මුත් හිරි හැරය
සමහර මසුන්ගේ ජීවිත දුක් බරය
ඉපදී යළි මැරෙන තුරු ජීවිත ගෙවන
දිය ගොඩ දෙකෙහි සටනෙහි කෙළවර නොවන
පොදු අරමුණක් උදෙසා එකපිට දුවන
මිනිසුන් මසුන් ළඟ නැත සමගිය සෙවන
මුහුදු යන ධීවරයන් වෙහෙස නිදිමත දුරුකර ගැනීම පිණිස ගායනා කරන කවි තුළ බොහෝවිට පින - පව පිළිබඳ අදහස් ගැබ්වී ඇත. එමගින් පිළිබිඹු වන්නේ ධීවරයන්ගේ බෞද්ධ පසුබිම ඉතා ඉහළ තලයක පවත්නා බවයි.
පෙර පවතනේ අපෙ ඔරුවේ මැද පැලුණේ
පෙර පිනකිනේ තොට හොඳ ඔරුවක් ලැබුණේ
පර ගති නොවෙද තෝ මට දොඩන කාරණේ
පර දෙමළුනේ නොකරන් කවටකම් අනේ
කතරගම දෙවිඳු කන්දස් සුවාමිනේ
අතරමං වෙලා අප විඳින දුක අනේ
නිතර සිහි කරමි ඔබගේ ගුණ වරුණේ
අපට පිහිට වනු කන්දස් සුවාමිනේ
පුර සොඳිනා මඩකලපුව සමීපය
පුරුදු වුණා කරදිය අපට සාපය
අප විඳිනා දුක දනිතොත් දෙමාපිය
වතුර නොනා ඇස් දෙක දන්නෙන් බැරිය
තමන් ජීවත්වන ප්‍රදේශයේ භූගෝලීය සාධකවලට අනුව එහි වෙසෙන ජනයාට ධීවර වෘත්තියේ නියෑලීමට සිදුවී ඇත්තේ හුදෙක් විරැකියාවටද පිළියමක් වශයෙනි. පොහොයදාට මුහුදු ගමන් තහනම් කරගන්නා ධීවර ජනයා එදිනට ආගමික වතාවත්වල නිරතවන්නේ තමන් සිදුකරන රැකියාවට සමාව අයෑදීමක් සේය. කෙසේ වුවත් තම අඹු දරුවන් රැකීමට ජීවන අරගලයක යෙදෙන ධීවරයා උත්සාහ ගන්නේ සමාජයේ අනෙක් සාමාජිකයන් සේම තම පවුල ජීවත් කරවීමටය.
ඌරුගමුවේ අස්‌සජි හිමි 2011 05 25 බදාදා අතිරේකය දිවයින

ජනකවියෙන් සුවඳ හමන ගැමි දිවියේ යථාර්ථය
සි ංහලකමත්, ගැමි දිවියත් එකට යාවුණු පුරුකකි ජන කවිය. සිංහල ජන කවියේ ආරම්භය කවදා කෙසේ සිදුවීදැයි කිව නොහැකි නමුදු ශාස්‌ත්‍රීය නොහොත් පණ්‌ඩිත කවියට වඩා එය පැරණි වන්නේය. බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත "සාරත්ථප්පකාසිනී" ග්‍රන්ථයෙහි "ඇල් ගෙවිලියක විසින් ජාති, ජරා, මරණ යන ත්‍රිලක්‍ෂණය ප්‍රකාශ කරන ලද ගීයක් ගායනා කරනු අසා සිටි සැටනමක් භික්‍ෂූන් රහත්වූ බව කියෑවෙයි. එමෙන්ම බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ "උගත් සාහිත්‍යයක් බිහිවීමට පෙරාතුව ජනකවි පහළවීම ස්‌වභාවික බවයි." මේ තුළින් ජනකවියේ ඉතිහාසය දුරාතීතයට දිවෙන බැව් පැහැදිලිය.
ජන කවිය ගැමි දිවිය සමග අත්‍යන්තයෙන් බැඳී පවත්නා ගැමි කලාංගයකි. තත් කවි වෙසෙස ගැමියා ගයන ලද්දේ හුදෙක් දිළිඳුකමත්, සිත, කය වෙහෙසීමටත් කටුක දිවිපෙවෙත කරණකොටගෙන ලබන දුක්‌පීඩා අමතක කරලනු පිණිසය. ඔවුන්ගේ කවි අධික දුක් පීඩාවන්ගෙන් වෙහෙසුණුවුන්ගේ හදින් නැගී පිටවූ දොම්නස් සුසුම් හා සොම්නස් සුසුම් වැන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි ජීවන යථාර්ථය යනු ගැමි ජනයාගේ ජීවිතයේ සැබෑ තත්ත්වයයි. ජන කවිය ජනහිත දිනූ කලා මාධ්‍යයක් වන්නේ ගැමියන්ගේ ආධ්‍යාත්මයන් තුළින් උපත ලද අව්‍යාජ අත්දැකීම් එමගින් ප්‍රකටවීම නිසාය. ලේඛකයකුට ස්‌වකීය අදහස් සන්නිවේදනය කිරීමට එකී ස්‌ථානය හෝ වේලාව බලනොපායි. ගැමි ජන දිවිය සුවිශාලය. බෙහෙවින්ම සංවේදීවූ අත්දැකීමක් ගැමි කවියා ස්‌වකීය නිර්මාණයට විෂය කර ගනියි.
උපත, වැඩිවියට පත්වීම, විවාහය, මරණය යන මිනිස් ජීවිතයේ ප්‍රධාන අවස්‌ථාවන් හෙළි පෙහෙළි කරන ජනකවි තුළින් ගැමිජන ජීවන යථාර්ථය පිළිබිඹු වෙයි. බිළිඳකු බිහිවීමෙන් අනතුරුව එළඹෙන සුවිශේෂ ස්‌ථානයක රන්කිරි කටගෑම, දරුවා සුවඳ පැනින් නහවා පිරිසිදුකොට රන්කිරිකට ගානු ලබයි. තනකිරි බැමිතිරිය යුෂ සමඟින් රත්රනින් ගලගා... රන්කිරි කටගෑමෙන් අනතුරුව දරුවාගේ වස්‌දොස් දුරුකොට ආයුවර්ධනය සඳහා ආශීර්වාද කරයි.
කළු කපුටා සුදුවන තුරු
ඇසල කණුව ලියලන තුරු
ඉදිබුවාට ලොම් එන තුරු
ආයුබෝවන්න ළදරු
අනතුරුව දරුවාගේ උපන් නැකැත් අනුව නමක් දීම සිදුකෙරෙයි.
නෙළුම් කවි, පැල් කවි, කරත්ත කවි, පතල් කවි, දඩයම් කවි යනාදිය ආර්ථිකමය ජීවනෝපායයන් මුලික කොටගෙන බිහිවූ කවි සඳහා උදාහරණය. මේ තුළින් ද ඔප්නැංවෙන්නේ ගැමි ජීවන යථාර්ථයයි. කුඹුර පවුළ පසුවද ඉක්‌බිතිව ගොයමෙහි කරල් නැගුණු පසුවද කෙත වනසතුන්ගෙන් රැකගනු පිණිස ගොවීන් දැරූ ප්‍රයත්නය පූජාවලියෙහිද විස්‌තර වෙයි.
කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී
මේ තුළින් ඔප්නැංවෙයි. කෙතෙහි තැනූ පැලක දිවා රෑ කල් යවමින් වනසතුන්ගෙන් වගාව රැකගැන්මට ඔවුන්ට සිදුවිය. ගැමි දිවියේ යථාර්ථය පතල් කර්මාන්තය තුළින්ද නෙතුගැටෙයි. පතල් කනින්නන්ගේ දුක්‌ගැනවිලි සිත් තුළ කි¹බැස ඇති ආකාරය පාලුව සහ දොම්නස මුසු මෙකී සීපද තුළින් ගම්‍ය වේ.
වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා
පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා
ගමෙහි ජීවත්ව ස්‌වකීය ආර්ථික තත්ත්වය දියුණු කර ගැන්මට නොහැකි යෑයි අවබෝධ වූ විට ඈත පළාත්වල පිහිටි මෙම පතල් වෙත ගැමියන් ඇදී ගියේ කාන්තාරයක ජලය දක්‌නට ලැබෙන ස්‌ථානයකට ඇදී යන පිපාසිතයන් ලෙසිනි. කෙසේ නමුදු ඔවුන්ගේ ආර්ථික පිපාසාව සංසිඳවන්නට තරම් ඵලයක් පතල් වලින් ලැබූ බවක් නොපෙනේ.
කෙත, වැව හා දාගැබ ඇසුරින් වැඩුණු සංස්‌කෘතිය සිංහල සංස්‌කෘතියකි. බෞද්ධ රටක් වූ ශ්‍රී ලාංකික ගැමියෝ ආගමික කටයුතු සඳහා ප්‍රධාන ස්‌ථානයක් දෙමින් ක්‍රියාකළ බවට අපේ වෙහෙර විහාර සාක්‍ෂි දරයි. සෑම ගමකම පාහේ පන්සලක් දැකිය හැකිය.
දම්බරා මැද්ද මග හිමය මැද යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු
මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු
විවිධ ඇදහිලි හා විශ්වාස මුල්කොටගත් ජනකවි තුළින්ද ගැමි ජන ජීවන යථාර්ථය දෘෂ්‍යමානිතය. ඇදහිලි යනු විශ්වාසය පදනම් කොටගෙන පහලවන්නකි. සමාජයේ ප්‍රථමයෙන් විශ්වාස ඇතිවී දෙවනුව ඇදහිල්ල ආරම්භ වූ බව පැවැසෙයි. ගැමියෝ ජීවිතයේ සෑම අවස්‌ථාවකදීම ජනකවි කීහ. තමන් ගමන් කරන කටයුත්ත සඳහා විවිධ කරදර, බාධක, පැමිණිවිට එම කරදර දුක්‌කම්කටොලු නිරාවරණය කර ගැනීමට විවිධ දෙවිවරුන් හා විශ්වාසයන්ගේ පිහිට පැතූහ. ජන සාහිත්‍යයේ සඳහන් දෙවිවරුන් ප්‍රධාන කොටස් තුනකි. විෂ්ණු, විභීෂණ, ස්‌කන්ධ කුමාර, වැනි හින්දු දෙවිවරු එක් කොටසකි. අයියනායක, පත්තිනි වැනි ඉන්දියාවේ සිටි මෙහිදී ස්‌වදේශික වූ දෙවිවරු තවත් කොටසකි. ගලේ බණ්‌ඩාර, මහසෙන්, මොරටු, රන්වල වැනි ලක්‌දිව එක් එක් ප්‍රදේශවල උපත ලැබූ මනුෂ්‍යත්වය දේවත්වයට උසස් කරනු ලැබූ දෙවිවරු තුන්වැනි කොටස වේ. ඒ ඒ ප්‍රදේශවලට අධිපති දෙවිවරුද වෙති. දෙවිනුවර ප්‍රදේශයට උපුල්වන්ද, කැලණියට විභීෂණ ද, සබරගමුවට සමන් ද, කතරගමට ස්‌කන්ද කුමාර ද ආදී දෙවිවරු එකී ප්‍රදේශවලට අධිපති වූහ. එක් අවධියකදී තත් දෙවිවරුන් සතරදෙනා සතර වරම් දෙවියන් ලෙස සැලකූ බව දැකිය හැකිය.
අහසට හිමි ඉරහඳ දෙවියන් නේ
පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ
දෙලොවට තෙද ඇති සක්‌දෙවියන් නේ
මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ
ඉර, හඳ, දෙවියන් ලෙස සැලකීම සිංහල ගැමි සංස්‌කෘතියේ ලක්‍ෂණයකි. ආලෝකය ලබාදෙන සූර්යයාටත්, රාත්‍රිය ඒකාලෝක කරන චන්ද්‍රයාටත් පය තබාගෙන සිටින මහ පොළොවටත් ගැමියා ස්‌තූතිවන්ත වූයේ එම වස්‌තූන්ට වන්දනා කිරීමෙනි. ගැමියන් අතර පවත්නා ඇදහිලි අතර "යකුන් ඇදහීමද" සුවිශේෂය යකුන් බොහෝ සිටියද ගැමියන් අදහන යකුන් ස්‌වල්පයකි. ඒ අතර සූනියම්, මහසෝන්, සන්නි, රීරි, ඔඩ්ඩි යන යකුන් ප්‍රධාන වෙයි. යාග කම_වලදී මෙම එක් එක් යක්‍ෂයාගේ උත්පත්ති කතාවද විස්‌තර වේ. කළුකුමාර යක්‍ෂයා පිළිබඳ ජනකවියක මෙසේ සඳහන් වේ.
මල්වර වෙලා ඉස්‌නානෙට යන ගම නේ
මනකල්වෙලා හඬතලමින් නාන තැ නේ
මල්වර තරුණ අඟනන් දැක අල්ලමි නේ
ඇල්නොව රකින් ආතුර කළු කුමරුව නේ
කළුකුමාර යක්‍ෂයා කාන්තාවන් රෝගී කරන බැව් ජන සම්මත මතයකි. මොහු තරුණ කතුන් මල්වර වූ විට දිෂ්ටි හෙළන බව මෙකී කවියෙන් විෂද වෙයි.
විනෝදය සහ ශෘංගාරය ආශ්‍රිතව බිහිවූ කවිද දක්‌නට ලැබේ. එදා ජන සමාජයේ විවිධ දුක්‌කම්කටොලු පැවතිය නිසා මිනිසුන් ජනකවි තුළින් යම් ආස්‌වාදයක් ලැබුවේය. නන් රැකියාවන්හි නිරත වෙමින් ස්‌වකීය වෙහෙස නිවාගන්නා අතරම ඔවුන්ගේ සිත් ආදරයටත්, ශෘංගාර රසයටත්, නිතැනින්ම ඇදී ගිය බව පෙනේ. එහෙත් මෙය ගැමියාගේ අහිංසක විනෝදයක් වූ බවද පැවැසිය හැකිය. අසන්නා කෙරෙහි හැඟීම් දැනවෙන පරිදි මෙන්ම සංයමය රැකෙන පරිදි කීමට ජනකවියා සමත්කම් දක්‌වයි.
තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය මෝදු වෙයි. ඔහු ඇය අමතා සංයමයෙන් යුතුව ව්‍යංගයෙන් යමක් පවසයි.
"අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැති ගමන් තනිමග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම්ද නගෝ"
ඒ රසවත් කවිය ඇසූ තරුණිය ඔහුගේ සිත නොරිදවා තවත් කවකින් පිළිතුරු දෙයි.
අල්ලාගෙන නෙරිය මඩතැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
යඤ්ඤං අයියන්ඩි ගමරට දුර හින්දා
කවියක ආත්මය රසයයි. එම රසය මතුකිරීමේ උල්පත වන්නේ නිර්ව්‍යාජත්වයයි. අවංකකම තීව්‍ර වූ තරමට නිර්ව්‍යාජත්වයට මඟ පෑදෙයි.
ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා
ඔමරියකගේ ලලිතාභිනයෙන් හෝ නෙතඟ බැල්මෙකින් හෝ ඇය කෙරෙහි ඇදී ගිය ඇස් ඇතියකු ඇගේ රූපකායෙන් ලත් චමත්කාරය විමසිය යුත්තේ තර්කඥනයෙන් නොවේ. එහි පිරී ඇති භාවිකවදන්වලට බලය දීමෙනි. මෙයින් ජනකවියේ අව්‍යාජත්වය, යථාර්ථය ගම්‍ය වෙයි. එහි රස විඳින්නාද අව්‍යාජ විය යුතුය.
ජනකවිය ජන දිවිය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. තමාගේ අභිරුචිය මත අවශ්‍ය වේලාවට මුහුණදුන් දේ අනුව නේකවිධ කවි නිර්මාණය කළේය. බඩගින්න දුප්පත්කම හා බැඳී පවතී. නැති බැරිකම කරණකොටගෙන බඩගින්නේ හිඳීමට සිදුවේ.
බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී
සබේ බැන්ද ජයසක් සේම පෙනි පෙනී
ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී
ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී
බඩගින්නෙන් පෙළෙන කෙනකුට වෙනත් දෙයක් කළ නොහැකිය. පළමුව බඩගින්න නිවාගත යුතුය. දේශනාවකට පෙර හාමත තුරන් කළ යුතු බව බුදුන්වහන්සේ දේශනා කළහ. ලිය බඩගිනි වූ විට දරුවා ඉවත දමන බවත් නැයිනිය සිය බිජු බුදින බවත් ඕනෑම පවකට නැමෙන බවත් පඤ්චතන්ත්‍රයේ සඳහන් එක් අදහසකි. බඩගින්න එදා මෙදාතුර සමාජයේ තදින් බලපැවැත්වෙන්නකි.
ජනකවිය අතුරින් ගැමි ජීවිතය දෙස බලා අපට මහත් මිහිරක් සන්තෝෂයක් ලැබිය හැකි බව සත්‍යයකි. ජීවිතයේ කොතෙකුත් කරදර, කම්කටොලු අමතක කරමින් සතුට, විනෝදය ලබන ගැමියන්ගේ මුවින් නිකුත් වන රසවත් ගීත මාලාවෝ විස්‌මයාවහ හැඟීම් දනවති. ජීවිතයක ඇතිවන කටුක බව අමතක කොට සන්තෝෂය ලබාගැන්මට හැකි බලයක් පැවැතීමයි. කලා නිර්මාණයෙහිලා ගැනෙන කවරක හෝ පරමාර්ථය වනුයේ උපදේශාත්මක, සංවාද, පවුල් ජීවිතය සම්බන්ධ කවි තුළින් ද ගැමි ජීවන යථාර්ථය හෙළි පෙහෙළි කරන්නාවූ ජන කවිය ගැමියාගේ හදවතෙහි වූ හැඟීම් එළිගන්වන ගීතාංගයකි.
චමිලා නිශාන්ති විඡේවර්ධන
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

2009
10 28 දිවයින බදාදා අතිරේකය
අන්තර්ජාලයෙන් උපුටා ගත් ලිපි කිහිපයකි