කුසල සිතක කසල නැත
සබ්බ පාපස්ස අකරණ
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං යන්නයි.
මෙඑි සරල අදහස නම් සියලූ පාපයන්ගෙන් මිදෙන්න, කුසල් දහම් වැඩිදියුණු කරන්න, සිත මනාව දමනය කරගන්න, මෙය සියලූ බුදුවරුන්ගේ අනුසාසනාවයි යන්නය. මෙහි දී කුසල සිතක් උපදවා ගන්නේ කෙසේ ද? කුසල සිතක ඇති විශේෂත්වය පිළිබඳ කරුණු ගොනුකෙරේ.
අප පෘථග්ජනයින් ය. කාමාශාවෙන් වෙලී ඇත. ලෝභය ද්වේශය මෝහය ආදී අකුසල ධර්මයන් නිරන්තරයෙන් අප සිතට කා වදී. තදංග වශයෙන් ඒවා ප‍්‍රහාණය කිරීමට වෙහෙසවෙතත් නැවත නැවත උපදී. මෙලෙස උපදින අනේකවිධ අකුසල සිතිවිලි අපගේ මානසික දියුණුව පිරිහෙළයි. වැරදි වැඩ කෙරෙහි සිත යොමු කරවන අතර හොඳ සිතිවිලි සිතට පැමිණීම අඩපණ කරයි. අප සමාජයේ ජීවත් වන විට අපේ හොඳ ගතිගුණ අසන්නට ලැබෙනවා නම් අප එයට බොහෝ සෙයින්ම කැමතිය. අප කෙරෙහි අවලාද නඟන්නන්ට අප කොහෙත්ම කැමති නැත. මෙය නිසිි පරිදි වටහා නොගත් පිරිස් තමන් ඒ අයුරින් සිතන ගමන් අනුන්ගේ වැරදි සොයයි. අනුන්ව පහත් ලෙස සැලකීමට මහන්සි ගනී. පෘථග්ජන සමාජයේ ස්වභාවය එයයි.
ඉහතින් පෙන්වා දුන් ගාථාව මඟින් ද ප‍්‍රකට කෙරෙන්නේ පව්කම්වලින් වළකින ලෙසයි. පව්කිරීමෙන් වැළකීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. මන්ද අප නිරන්තරයෙන් යොමුවන්නේ වැරදි සහිත ක‍්‍රියාවන් සිදු කිරීමට ය. බුදුන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරමින්
සුකරානි අසාධූනි
අත්තනෝ අහිතානි ච
යං චේ හිතං ච සාධුං ච
තං චේ පරම දුක්කරං
යනුවෙන් වදාරා ඇත. එයින් පැනෙන්නේ තමන්ට හිත වැඩදායී දේ කිරීමට යමෙකුට අපහසු වන අතර අහිත පිණිස හේතුවන අවැඩදායී ක‍්‍රියාවන් ක‍්‍රිරීම පහසු වන බවයි. ඇත්ත වශයෙන් ම වර්තමාන සමාජය දෙස බැලීමේ දී මෙකී කරුණ මැනවින් ප‍්‍රකට වේ. තමන්ගේ ජීවිතය පරිහානියට පත් කර ගනිමින් අනුන්ගේ වැරදි සොයමින් ඔවුන්ගේ ජීවිත වනසමින් කටයුතු කරන පිරිස් ඕනෑ තරම් සමාජයේ අස්සක් මුල්ලක් නෑර සිටී. බුද්ධිමත් නුවණැති පිරිසක් හැටියට අප කළ යුතු වන්නේ අපගේ කුසල පක්ෂය වැඩි දියුණු කර ගැනීමය. අකුසල්වලට හිමිකරුවෙකු නොවී කුසල් දහම්වලට හිමිකරුවෙක් වීමට අප සැම දෙන අදිටන් කර ගත යුත්තේ කුසල් අපගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට සැබැවින්ම හේතුදායක වන බැවිනි. (පුඤ්ඤං චේ පුරිසො කයිරා කයිරා තේ තං පුනප්පුනං)
අප එදිනෙදා ජීවිතයේ දී කුසල් දහම් රැුස් කළ හැකි ක‍්‍රමවේද කිහිපයක් ඇත. සිතින් කයින් වචනයෙන් යන තිදොරින්ම අපට කුසල් රැුස් කරගත හැකිය. කායික වශයෙන් කළ හැකි කුසල කර්ම ලෙස පෙන්වා දෙන්නේ පරපණ නැසීමෙන් වැළකීම, අනුන්ගේ දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම හා කාමය වරදවා හැසිරීමෙන් වැළකීම ය. මේවායෙහි යෙදීම අකුසල් ලෙස එහි දී පෙන්වා දී ඇත. යමෙක් සත්ත්ව ඝාතනය කෙරේ නම් අනුන්ගේ දෑ සොරකම් කෙරේ නම් කාමමිථ්‍යාචාරයේ යෙදේනම් ඔහු එහි විපාකවලින් පිරිහීමට පත්වේ. මෙලෝ පරලෝ වශයෙන් දුක් විඳීමට එය හේතුසාධක වේ.
කයින් පමණක් නොව වචනින් සිදුවන අකසල්වලින් මිඳී කුසල පක්ෂය වැඩිදියුණු කිරීමට, පෝෂණය කිරීමට අප වෙහෙසිය යුතුය. එහි දී වචනින් වන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියයි. මෙලෙස වචන භාවිත කරමින් අනිසි ලෙස කාලය අපතේ යැවීමෙන් අකුසල් රැුස් කර ගනී. මෙවැනි ක‍්‍රියාවලින් වැළකී යහපත් වචන අනුන්ට ප‍්‍රිය උපදවන සත්‍යය වචනය ප‍්‍රකාශ කිරීමට නුවණැත්තා පෙළඹිය යුතුය. එවිට ඔහුගේ කුසල් වර්ධනය වේ. මේ සියල්ලටම වඩා සිතින් සිදුවන අකුසල් දුරලීමට කටයුතු කළයුතුය. මන්ද මේ සියලූ දේ සිදු කරන්නේ සිත මූලික කරගෙන බැවිනි. එහි දී සිතින් සිදුකරන අකුසල් ලෙස පෙන්වා දී ඇත්තේ අභිද්‍යාව, ව්‍යාපාදය, මිසදිටු බව යන ක‍්‍රියාවන් ය. අභිද්‍යාවෙන් පිරුණු හදවතකින් සිදුවන අනර්ථය භයංකර විය හැකිය. දැඩි ආශාවෙන් පෙළීම නිසා බොහෝ විට මානව පවුලේ ආරවුල් ඇති වීමට ඉඩකඩ වැඩිය. දේපල ප‍්‍රශ්න ආදිය ඇතිවන්නේ මේවට ඇති මහත් ආශාව නිසා ය. අනුන්ට වඩා තමන්ට ඕනෑ යන අර්ථයෙන් උපදින දැඩි ආශාව අකුසල ධර්මතාවකි. මෙකී ආශාව දුරලාගෙන අප මැරෙන පුද්ගලයින් බව සිතේ තබාගෙන එවැනි භෞතික දේපල රැුස් කිරීම හැර දමා අභෞතික වස්තුව රැුස් කිරීමට වෙහෙස ගත යුතුය. අභෞතික වස්තුව යනු කුසල කර්ම රැුස් කිරීමයි. ඒ නිසා ලෝභයෙන් වැළකී එහි විරුද්ධ අංශය වන අලෝභය ඇති කර ගැනීමට වෙහෙසිය යුතුවේ.
ඉන් පසු ඇත්තේ ව්‍යාපාදය යි. අනුන්ගෙන් පලිගැනීමේ මානසික අසහනය මේ නමින් හැඳින්විය හැකිය. යම් යම් හේතු නිසා අනුන්ගෙන් පලිගැනීමට හේතුවක් විය හැකිය. ධනය බලය ආදියෙන් තමන්ට වඩා යමෙක් ඉහළින් සිටී නම් ඔහු කෙරෙහි ඉරිසියාවෙන් බලයි. ඔහුව විනාශ කිරීමට ඔහුගේ දේපල ධනය විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරයි. මෙවැනි අකුසල ක‍්‍රියාවන්ගෙන් වැළකී මෙත් සිතින් කටයුතු කිරීමට මහන්සි ගැනීම නුවණැත්තාගේ ලක්ෂණයයි. තමාගේ හිත තමාටම පාලනය කරගත නොහැකි ආවේගවලින් පිරීම අකුසලයකි. මෙය අනිවාර්යයෙන්ම පාලනය කරගත යුත්තකි. එසේ නොවුණහොත් මිනිස් ජීවිතයේ වටිනාකම විනාශ වන්නේය. මෙත් සහගත කාය කර්මයෙන් වචී කර්මයෙන් හා මනෝ කර්මයෙන් යුතුව ක‍්‍රියා කිරීම මගින් පුද්ගලයාගේ මානසික කායික දියුණුව සැලසේ. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අනුන්ගේ අප‍්‍රසාදයට හේතුවන කිසිම ක‍්‍රියාවක් නොකළ යුතු බවයි. (න ච ඛුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤුුපරේ උපවදෙය්‍යුං) සියලූ සත්වයින් සතුටින් සොම්නසින් ජීවත් වේවා යන ප‍්‍රාර්ථනාවෙන් හා සිතිවිල්ලෙන් ජීවත්වීම වඩා වැදගත් බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.
අප යම් විටෙක කර්ම විපාක පිළිබඳ නිසි අවබෝධය නොමැති වීමෙන් අකුසල ක‍්‍රියාවන් සිදු කිරීමට පෙළඹෙනවා විය හැකිය. එනමුදු තමන් කරන්නේ අකුසලයක් බව හෝ අයහපතක් බව මනාව තේරුම් ගත්තේ නම් හා ඉන් වැළකී යහපතෙහි සිත මෙහෙයවීමට කටයුතු කරන්නේ නම් වළාකුළින් මිඳුණු සඳක් සේ බැබලීමට පත් වන බව විටෙක බුදුහිමියෝ දේශනා කළහ. (යස්ස පාපං කතං කම්මං -කුසලේන පිඨීයති, සෝ ඉමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා).
යම් විටෙක අප කරන සැහැල්ලූ අකුසල කර්ම ප‍්‍රබල කුසල කර්මයක් කිරීමෙන් අහෝසි තත්ත්වයට පත් විය හැකිය. අප නිරන්තරයෙන් කුසල ක‍්‍රියාවන්ම කිරීමට පෙළඹිය යුතු වන්නේ අපගේ ජීවිතයෙහි අස්ථිරත්ව මැනවින් වටහා ගැනීමෙනිි. උපන් සත්ත්වයා හැකි උපරිමයෙන් පින් දහම් රැුස් කළ යුතු බවයි බුදුහිමියන්ගේ අවවාදය යන්නේ. (කත්තබ්බං කුසලං බහුං) එසේම නුවණැති පිරිස් කුසල කර්ම කිරීමට කැමැත්ත අපදවා ගත යුතු බව ද පෙළ දහමේ සඳහන් වේ.
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරා තේ තං පුනප්පුනං
තම්හි ඡුන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
පින් කිරීමට සිත යොමු කළ තැනැත්තා නිරන්තරයෙන්ම පින් දහම් කළ යුතුය. නැවත නැවත පින් කිරීමට සිත පොළඹවා ගත යුතුය. මන්ද පින යනු සැපයට තවත් නමෙකි. මේ අනුව පැහැදිලි වන්නේ පින් දහම් කිරීම මගින් අපට සතුට සැනසුම උදා කර ගැනීමට හැකියාව ඇති වන බවයි. තවත් තැනෙක බුදුහිමියෝ පෙන්වා දෙන කරුණක් නම් පුලූවන් හැකි අවස්ථාවක දීම පින් දහම් රැුස් කිරීම නුවණැත්තාගේ ලක්ෂණය වන බවයි.
මාප්පමඤේඤථ පුඤ්ඤසස - න මන්තං ආගමිස්සති
උදබින්දු නිපාතේන - උදකුම්භෝපි පූරති
පූරතී ධීරෝ පුඤ්ඤස්ස - ථෝක ථෝකම්පි ආචිනං
පින් කිරීමට වෙහෙසිය යුතු බවත් දිය බින්දු එකතු වීමෙන් කළයක් පිරෙන අයුරින් තමන්ගේ පින නැමැති කළය පුරවා ගැනීමට නුවණැත්තා ක‍්‍රියා කළ යුතු බවයි මෙහි දී පෙන්වා දී ඇත්තේ. පින් කිරීමට කිසිවෙක්ගේ බලපෑම් කිරීමක් අවශ්‍ය නැත. තමන්ට කැමති ඕනෑම අවස්ථාවක පිනක් කර ගැනීමේ හැකියාව පවතී. අනුන්ගේ පැසසුම් ලැබීමට පින් කිරීම මුලාවට පත්වීමකි. බොහෝ අවස්ථාවන්හි සිදු වන්නේ මේ දෙයම ය. අනුන්ගෙන් ගැරහුම් ලැබීමට ඇති අකැමැත්ත නිසා සමහරෙක් පින් කරන්නේ, දන් පැන් ආදිය දෙන්නේ සිතේ චකිතයකින් හා අකැමැත්තකින් යුතුව ය. එසේ කළ කල්හි එයින් නියම පින ලබා ගැනීමට නොහැකිය. පිනට වඩා බොහෝ විට එයින් පව් සිදුවීමක් නම් සිදුවනු ඇත. මන්ද එවැනි අවස්ථාවල ක‍්‍රියා කරන්නේ ද්වේශ සහගත සිතිවිල්ලෙන් බැවිනි.
තෙරුවන් කෙරෙහි පැහැදුණු අචල ශ‍්‍රද්ධාවෙන් යුක්ත තැනැත්තාගේ කුසල සිතිවිලි කිසි දිනෙක වෙනස් වන්නේ නැත. නිරන්තරයෙන්ම කුසල් දහම් රැුස් කිරීමට සිත පෙළඹේ. බුදුන් වඳාළ දේශනාවන් මනා ලෙස සිතෙහි ග‍්‍රහණය කරගත් පිරිස සැපම අනුභව කරති. අපිත් පව්කම්වලින් ඈත්ව පින්දහම් කිරීමට අදිටන් කර ගනිමු.
පරිවෙණාධිපති
රාජකීය පණ්ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුර -බිබිල
0715326935
No comments:
Post a Comment